ක්‍රීඩාදේශීයනවතම ලිපි

ලෝක ජල ක්‍රීඩා සංගමයේ සභාපති කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ලෝක ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් හුසේන් අල් මුසල්ලාම් මහතා සිකුරාදා දින කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ආරාධනයක් මත පැමිණෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඔලිම්පික් කමිටුවේ සභාපති සහ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාත් හමුවීමට නියමිතයි.

හුසේන් මහතා සිකුරාදා පස්වරුවේ Killer Whale Aquatics-Sri Lanka වෙත පැමිණෙන අතර එහිදී ඔහු ලංකා පිහිනුම් ක්‍රීඩකයින් හමුවීමට අපේක්ෂා කෙරේ.

මෙම සංචාරය ලෝක ජල ක්‍රීඩා සංගමය (FINA) සහ ශ්‍රී ලංකාව අතර සමීප සහයෝගීතාවයට පහසුකම් සපයනු ඇති බව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව පවසනවා. ලෝක ජල ක්‍රීඩා සංගමයේ ඉහළ පෙළේ නිලධාරියෙකු මෙරටට නිල වශයෙන් පැමිණෙන පළමු අවස්ථාව මෙය බවයි ඔවුන් සඳහන් කරන්නේ. ලෝක ජල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද හමුවීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *