දේශීයනවතම ලිපි

ඇමෙරිකානු නිලධාරිනිය ශ්‍රී ලංකා රජයේ තීරණය පසසයි

දින තුනක නිල සංචාරයක් සඳහා ඊයේ(22) මෙරටට පැමිණි ඇමෙරිකානු දේශපාලන පිළිබඳව උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අද(23) විදේශ කටයුතු අමාත්‍යාංශයේ  පැවති සාකච්ඡාවකට සහභාගිවුණා.

නුලන්ඩ් මහත්නමිය මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රීලංකාව මුහුණදී ඇති මෙම අර්බුදකාරී අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට කටයුතු කිරීම රජය විසින් ගත් වැදගත් තීරණයක් බවයි. එම නිසා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය  සහය ලබාදීමට ඉතා උවමනාවෙන් ඉදිරිපත් වන බවද ඇය මෙහිදී කියා සිටියා.
ඇය අද දින ජනාධිපතිවරයා හමුවී  සාකච්ඡා පවත්වා ඇතැයි පැවසෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *