සර්ව පාක්ෂික ජනතාව මෙහේ, සර්ව පක්ෂ නැති සමුළුව එහේ – ලාල් කාන්ත
73 වසරක පාලනය නිමා කිරීමට සියලුදෙනාම සමගියෙන් ක්‍රියාකළ යුතු බව ලාල් කාන්ත මහතා පවසනවා.
ඊයේ නුගේගොඩ පැවති රැලිය අමතමින් ඔහු මේ බව පැවසුවා.
අති විශාල ජන සහභාගිත්වයකින් පැවති මෙම උද්ඝෝෂණ පෙළපාලිය සහ රැලිය හේතුවෙන් හයිලෙවල් මාර්ගය මෙන්ම නුගේගොඩ මංසන්ධිය සම්පූර්ණයෙන්ම ජනතාවගෙන් පිරීගියා.
එම රැලියේදී ලාල් කාන්ත මහතා ජනතාව ඇමතුවේ, සර්ව පාක්ෂික ජනතාවනී ලෙසයි.
ජනාධිපතිවරයාගේ මූළිකත්වයෙන් පැවති සර්වපාක්ෂික සමුළුව මෙහිදී විවේචනය කළ ලාල් කාන්ත මහතා සර්ව පක්ෂ නැති සර්ව පාක්ෂික සමුළුවක් රැස්ව ඇති බව අවඥාවෙන් සිහිපත් කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

