Latestදේශීය

ඉන්ධන මිළට ජනතා විරෝධයක් නැහැ – සුමිත් වීරසිංහ

ඉන්ධන මිළ වැඩිවීම සහ ඉන්ධන අර්බුධය සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ ඉන්ධන මිළ වැඩිවීම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධයක් මතුවී නැති බවයි.

ඉන්ධන පිරවුම්හල්වටල ගොස් ගැටලු විමසා බැලූ තමන්ට මිළ වැඩිවීම සම්බන්ධයෙන් ගැටලු පැන නොනැගි බවත් ඉන්ධන හිගවීම සම්බන්ධයෙන් ඇති ගැටලුව තව දින දෙකකින් විසදීමට අවශ්‍ය කටයුතු  මේ වනවිටත් සූදානම් කරමින් පවතින බවත් සභාපතිවරයා පවසනවා.

ජනතාව ඉන්ධන කෑන් වලට එකතු කිරීම නිසා වත්මන් ඉන්ධන හිගය නිර්මාණය වී ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ අතර ඛනිජ තෙල් අමාත්‍යවරයා ද පසුගිය කාලය තුළ විටින් විට පැවසුවේ රටට අවශ්‍ය තරම් ඉන්ධන ඇති නමුත් ජනතාව තෙල් රැස්කරමින් වැඩි ගණන් වලට තෙල් අලෙවි කරමින් කළුකඩ මාෆියාවක් ක්‍රියාත්මක කරන බවයි. නමුත් ඩීසල් සහ පෙට්‍රල් සදහා දිගු පෝලිම් හී බොහෝ වේලා ගතකරමින් දින ගණන් තෙල් නොමැතිව රටේ මහජනයා අර්බුධ රැසකට මුහුණ දෙමින් සිටින වටපිටාවක වත්මන් පාලනය තම අසමත්භාවය නිරූපණය කරමින් සිටින බවයි විපක්ෂය චෝදනා කරන්නේ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *