Latestදේශීය

වනජීවී අමාත්‍යවරයාට ශර්මිලා රාජපක්ෂගෙන් චෝදනාපත්‍රයක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය විසින් මාධ්‍ය හමුවක් කැදවා විෂයභාර අමාත්‍යවරයා පිළිබදව මෙන්ම වත්මන් ආන්ඩුව නියෝජනය කරන වෘත්තීය සමීතිය පිළිබදව ආන්දෝලනාත්මක කරුණු රාශියක් ඉදිරිපත් කළා. එහිදී ඇය සදහන් කළේ,

අමාත්‍යාංශ ලේකම් වරයා සහ තව කිහිප දෙනෙක් සිටින විට අමාත්‍යවරයා පැවසුවේ ජනමාධ්‍ය මගින් මට සහයෝගය දෙන්නේ මගේ පොත්ත සුදු නිසා කියලයි.

හරිම කණගාටුවට කාරණයක්. මේ රටේ කාන්තාවක් හැටියට මම ලැජ්ජා වෙනවා.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශර්මිලා මහත්මිය වත්මන් ආන්ඩුව නියෝජනය කරන වෘත්තීය සමීතිය පිළිබදවද කරුණු ඉදිරිපත් කළා.

මෙම යුනියන් එක දැනට බලයේ සිටින පක්ෂයට අනුබද්ධ යුනියන් එකක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඔවුන්ගේ හොර වැඩ කරගෙන යන්න, ඔවුන්ට ආයතනයේ දේපල අවභාවිතා කරන්න මා විසින් ඉඩ සලසලා නොදෙන නිසා මේ අධ්‍යක්ෂ ජනරාල් එපා කියලා තමයි මොවුන්ගේ ඉල්ලීම. එතකොට ආයතනයට ගියාම 19 වෙනිදා මටත් හූ කිවුවා. පොලීසිය ගෙනල්ලා තමයි මට ආයතනයෙන් එළියට යන්න සිද්ධවුනේ. මේ ආයතනය අරාජික කරන්න අත්තනෝමතික තීරණ ගන්න අමාත්‍යංශ ලේකම් වරයාගේ ක්‍රියාකලාපය නිසා මේ කටයුතු මෙහෙම සිද්ධ වෙලා තියෙනවා.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සදහන් කළේ ඉල්ලා අස්වීමට තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *