සර්ව පාක්ෂික සමුළුවේ දී රනිල්ගෙන් බැසිල්ට චෝදනා
ජනාධිපවරයාගේ මූළිකත්වයෙන් ඊයේ(23) සර්ව පාක්ෂික සමුළුව රැස්වුනා. මෙහිදී එයට සහභාගිවූ අය අතරින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවෙිචනය කළා.
රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර තරමක දැඩි වචන හුවමාරුවක් ද සිදුවුනා.
ජාත්‍යාන්තර මූළ්‍ය අරමුදල සහ රජය අතර හුවමාරු වූ මූළික ලියවිල්ල සභාවට ඉදිරිපත් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දැක්වීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගත්තා.
තවමත් වැඩපිලිවෙලට අදාල ලියවිල්ලක් ලැබී නැතැයි පැවසූ මුදල් අමාත්‍යවරයා දැඩි ස්ථාවරයක සිට රනිල් වික්‍රමසිංහ මහතාට ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයාට සෘජුව කියා සිටියේ ඔබට කේන්ති ගියාට මට කරන්න දෙයක් නැති වගයි.
අවසානයේ දී ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලින් දළ සැලැස්මක් ලැබී ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පිළිගත් අතර එම සැලැස්ම ලබා දිය නොහැකි බව වැඩිදුරටත් පැවසුවා.
අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙතෙක් කල් එවැන්නක් ලැබී ඇති බව නොපැවසූ නමුත් දැන් හෝ එවැන්නක් ලැබී ඇති බව පිළිගැනීම තුළ ඉක්මනින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ වගකීම බවයි.