ක්‍රීඩාදේශීයනවතම ලිපි

කඩුලු 11ක් ලැබූ ප්‍රභාත් ජයසූරිය පන්දු යවන්නන් අතර ඉදිරියට

වමතින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය දෙවන දිනයේදීත් සාර්ථක ලෙස පන්දු යවමින් ගාල්ල කණ්ඩායමේ කඩුලු පහක් දවාගනිමින් සිය කණ්ඩායමට (Colombo) කඩුලු අටක ජයග්‍රහණයක් ලබාදීමට අද අවසන්වූ නැෂනල් සුපර් ප්‍රොවින්ස් තරගයේදී සමත්වුණා.

ජයසූරිය මෙම තරගයේ ලබාගත් මුලු කඩුලු සංඛ්‍යාව 11ක් වන අතර එම කඩුලු ප්‍රමාණයත් සමග ඔහු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුනා. මේ වනවිට තරගාවලියේ ඔහු ලබා ඇති මුලු කඩුලු ප්‍රමණය 26ක්.

මෙම තරගයට ප්‍රථම තරගාවලියේ වඩිම කඩුලු ලාභියා වූයේ මුලු කඩුලු 18ක් ලබාසිටි මාලින්ද පුෂ්පකුමාරයි. සිය දෙවන ඉනිමේදී 219ක ඉලක්කයක් හඹාගිය කොළඹ (Colombo) කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 125ක් සහ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 55ක් ලබාගැනීමට සමත්වුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *