Latestදේශීය

දමිළ ඩයස්පෝරාවේ උදව් ගන්න ජනාධිපති කැමැත්තෙන් – එම් ඒ සුමන්දිරන්

දමිළ ඩයස්පෝරාවෙන් විදේශ ආයෝජන ලබාගෙන රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසදුම් ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා පවසනවා.

රට ගොඩනැගීම සදහා එක්ව කටයුතු කරමු යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට ආරාධනා කළ බවත් ඊයේ(25) පැවති එම සාකච්ඡාවේදී දමිළ ඩයස්පෝරාවෙන් ආයෝජනයන් ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය මැදිහත්වීමට එහිදී එකගතාවය ඵල කළ බවත් සුමන්දිරන් මහතා වැඩිදුරටත් පැවසුවා.

ජනාධිපතිවරයා සමග ගත් සාකච්ඡාවෙන් අනතුරුව අගමැත මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සමග ද සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේදී නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු කරුණු 5ක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් සුමන්දිරන් මහතා වැඩිදුරටත් අනාවරණය කළා.  

“වහා ම කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙන බව අපි ප්‍රකාශ කළ විට ජනාධිපතිවරයා ඒ බව පිළිගත්තා. පළමුවෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවා ගෙන සිටින අය නිදහස් කිරීමට අධිකරණ ඇමතිතුමා සහ මම එකතුවෙලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න එකඟ වුණා.”

දෙවනුව ඉඩම් ප්‍රශ්නය. උතුරු – නැගෙනහිර ජන සංයුතිය වෙනස් කිරීමේ මුවාවෙන් ඉඩම්වල සිදුකරන සියලු දේ නතර කරන්න ජනාධිපතිවරයා සහතික වුණු බවත් . උතුරු -නැගෙනහිරට විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවා එයට ඩයස්පෝරා ආයෝජන ගේන්න සාකච්ඡා කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *