Latestදේශීය

ජන අරගල ව්‍යාපාරය වැඩ අරඹයි

වත්මන් ආන්ඩුවේ අත්තනෝමතික වැඩපිළිවෙලට එරෙහිව සටන් කිරීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මූළිකත්වයෙන් ජන අරගල ව්‍යාපාරය ඊයේ (27) ආරම්භ වුනා.

ඇත්ත බලාපොරොත්තුවක් – මහජන ව්‍යාපාරයක් යන තේමාවෙන් නුගේගොඩ ආනන්ද සමාරකෝන් එළිමහන් රංග පීඨයේ පැවති මෙම රැලියට වාමාංශික දේශපාලන පක්ෂ නියෝජිතයින්, වෘත්තීය සමීති, බහුජන සංවිධාන, ගොවි සංවිධාන, ධීවර සංවිධාන, කාන්තා සංවිධාන, තරුණ සහ ශිෂ්‍ය සංවිධාන, ආගමික නායකයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, මාධ්‍යවේදීන්, පරිසර ක්‍රියාකාරිකයින්, ඇතුළු විශාල පිරිසක් සහභාගි වුනා.

අධිරාජ්‍යවාදයට එරෙහිව,  කොල්ලකාරී නව ලිබරල් ධනවාදයට එරෙහිව, ජාතිවාදයට එරෙහිව, සමාජ පසුගාමීත්වයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවිරෝධී අත්තනෝමතිකත්වයට එරෙහිව, පරිසර සංහාරයට එරෙහිව යන සටන් පාඨ 06 යටතේ ජන අරගල ව්‍යාපාරය සටන් ක්‍රියාමාර්ග තෝරන බව මෙම රැලියේදී අවධාරණය කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *