ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා දෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ (27)මෙරටට පැමිණ තිබෙනවා.
මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරු විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඒ මහතාව පිළිගෙන තිබෙනවා.
ජයශංකර් මහතා මෙම නිළ සංචාරයේදී අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී . එල් පීරිස් මහතා හමුවීමට නියමිතව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

