Latestදේශීය

සංචාරකයින් ලක්ෂ 2 1/2 ක් පැමිණ තිබෙනවා – සංචාරක සංවර්ධන අධිකාරිය

මේ වසරේ මාර්තු 24 දින දක්වා සංචාරකයින් 2,63,121 දෙනෙතු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තා අනුව මාර්තු මාසයේ 24 වන දින දක්වා සංචාරකයන් 84,287 ක් පැමිණ තිබේ. පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයන් 96,507 දෙනෙකු පැමිණි ඇත. මාර්තු මාසයේ 1 සිට 24 දක්වා මෙරටට ඉන්දියානු සංචාරකයන් 18,863 දෙනෙකු පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් සංචාරකයන් 8,779 දෙනෙකු පැමිණ තිබේ. රුසියානු සමූහාන්ඩුවෙන් එම කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 8008 කි. ජර්මනිය , ප්‍රංශය, පෝලන්තය, ඇමරිකාව, කසකස්ථානය, කැනඩාව හා ඉරානය එම කාල සීමාව තුළ මෙරටට සංචාරකයන් පැමිණි ප්‍රධාන රටවල් වේ.

මේ අතර පසුගිය ජනවාරි 1 වෙනිදා සිට මාර්තු 24 වන දින දක්වා ඉන්දීය සංචාරකයන් 43,358 ක් මෙරටට පැමිණ තිබේ. රුසියානු සමූහාන්ඩුවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 36,826 කි. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 26.863 ක් පැමිණ ඇති අතර ජර්මනියෙන් 20,740 ක් හා ප්‍රංශයෙන් 13,780 ක් සංචාරකයන් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පෙන්වා දෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *