ක්‍රීඩාවිදේශීය

සම්බාධක අභියස මෙඩ්විඩෙව් ලෝක ශ්‍රේණිගතකිරීම්වල හිනිපෙත්ත අසල 

යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් බොහෝ රුසියානු ක්‍රීඩකයින්ට ලෝක මට්ටමේ තරග සඳහා සහභාගි විමට සම්බාධක පැනවී තිබියදී රුසියානු ටෙනිස් ක්‍රීඩක ඩැනිල් මෙඩ්විඩෙව් නැවතත් ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල අංක එක ආසන්නයටම පැමිණීමට හැකිවී තිබෙනවා.

ඒ මේවනවිට ක්‍රියාත්මක මියාමි විවෘත ටෙනිස් ශූරතාවලියේදී ස්පාඤ්ඤ ජාතික පෙඩ්‍රෝ මර්ටිනස් 6-3 6-4ක් ලෙස පරාජය කරමින් අවසන් ක්‍රීඩකයින් 16 දෙනා අතරට පැමිණීමත් සමග. ඔහු තම ඉදිරි තරග ද්විත්වය ජයග්‍රහණය කලහොත් ලෝක ශ්‍රේණිගතකිරීම්වල අංක එක නැවතත් ඔහුට හිමිවනු ඇති.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ලෝක ක්‍රීඩා සංගම්වෙත නිර්දේශ කර සිටියේ රුසියානු සහ බෙලරූසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්තර් ජාතික තරග සඳහා සහභාගිකර නොගන්නා ලෙසයි.

මෙඩ්විඩෙව් මේ වනවිට මියාමි තරගාවලියට සභාගිවීසිටියත් ඉදිරියේදී පැවැත්වෙන විම්බිල්ඩන් ශූරතාවලියට සහභාගිවීමට හැකිවේද යන්න ගැටලුවක්ව පවතිනවා. එංගලන්ත ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා පවසා සිටියේ රුසියානුවන් විම්බිල්ඩන් ශූරතාවලියට සහභාගිවීමට නම් ඔවුන් යුක්‍රේන ආක්‍රමණය පිලිබඳ තම ස්ථාවරය කියාසිටියයුතු බවයි.

මෙඩ්විඩෙව් මේවනවිට රුසියානු ධජය තම සමාජමාධ්‍ය ගිණුම්වලින් ඉවත්කොට තිබෙන අතර ප්‍රමුඛ පෙළ රුසීයානු ටෙනිස් ක්‍රීඩිකා ඇනස්ටාෂියා පවල්යුචෙන්කෝවා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිලිබඳ විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *