දේශීය

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තබා තිබෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.

ඊයේ (28)විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අදාල ගිවිසුම් අත්සන් තැබීම සිදුකර තිබෙනවා .

මෙහිදී ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම , සමුද්‍ර ගළවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම, යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද ඊට අමතරව ශ්‍රීලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම හා ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක නවීකරණ පරිඝණක විද්‍යාගාර පිහිටුවීම , සුෂ්මා සුරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර  රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.

මෙම නිළ සංචාරය අතරතුර එස්. ජයශංකර් මහතා දෙමළ් ජාතික සංධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සමගද ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනකු සමගද සාකච්ඡාව පවත්වා ඇත. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *