දේශීය

උසස්පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ  ආරම්භවේ

අද දින (29) සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ  ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව සංගීතය හා නර්ථන විෂයන්ට අදාල පරීක්ෂණ අද දින සිට ලබන මස 08වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ඊට අමතරව ජෛව පද්ධති තාක්ෂණවේදය , ඉංජිනේරු තාක්ෂණවේදය , ගෘහ ආර්ථික විද්‍යාව , නාට්‍ය හා රංගකලාව ,යන විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පවත්වන බව දෙපාර්ථමේන්තුව සඳහන් කරනවා.

එම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත්වන අයදුම්කරුවන් සිය ප්‍රවේශපත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේදී ඒ සඳහා පෙනී සිටිය යුතු වන අතර මේ වනතෙක් ප්‍රවේශපත්‍ර නොලැබීඇති අයදුම්කරුවන් වෙතොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියට ගොස් තම  ප්‍රවේශපත්‍රය බාගත කර ගැනීමේ පහසුකම් සලසා ඇතිබවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *