Latestදේශීය

පොදුජන පෙරමුණ වියත්මගට පහරදෙනවා – ෂර්මිලා රාජපක්ෂ

වත්මන් රජයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති සාමාජිකයින් විසින් වියත්මගට එරෙහිව කැරැල්ලක් අරඹා ඇති බව වියත්මග සංවිධානයේ  ආරම්භක සාමාජිකා දෙහිවල සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පවසනවා.

තවද දෙහිවල සත්වෝද්‍යානය මේ වනවිට බරපතල අර්බුධයකට ලක්ව ඇති බවත් සත්වෝද්‍යානයේ සිදුවන අක්‍රමිකතා සොයා බලා ඒවාට අදාල පරීක්ෂණ ආරම්භ කිරීම නිසා කලබල වූ අය අමාත්‍ය සී බී රත්නායක සහ අමාත්‍යංශ ලේකම්වරයාගේ සෘජු සහය ඇතිව තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි.

රුපියල් මිලියන ගණනක මුල්‍ය වංචාවන් මෙන්ම සත්ව බිත්තර සහ සත්ව ජාවාරමක් ද දෙහිවල සත්වෝද්‍යානය තුළ මේ වනවිට ක්‍රියාත්මක බවද ඇය අනාවරණය කරන රාජපක්ෂ මහත්මිය සඳහන් කරන්නේ මෙම තොරතුරු පිළිබඳ කරුණු සොයා බැලීම සහ අනාවරණය කිරීම හේතුවෙන් ඇය මරා දැමීම සඳහාද දේශපාලඥයින් විසින් ඇතැම් කණ්ඩායම් උසිගන්වන තත්ත්වයකට පත්ව ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *