අප්‍රේල් 01 සිට මන්ත්‍රී සමීපතමයින්ටත් පාර්ලිමේන්තු භෝජනාගාරය විවෘතයි
මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා (1) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස් දී තිබෙනවා.
මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අනිද්දා(1)සිට අවසර ලබා දෙන අතර මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය මෙසේ විවෘත කෙරෙන්නේ ඒ අනුවය.
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

