නාමල්ට බන්ඩාරවෙල දී ජනතා විරෝධය
ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බන්ඩාරවෙල ක්‍රීඩාංගනයක් විවෘත කිරීමට යමින් සිටියදී ජනතා විරෝධතාවය හේතුවෙන් එම උත්සවයට සහභාගි නොවී ආපසු හැරී ගොස් තිබෙනවා.
බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගය සහ බණ්ඩාරවෙල වැලිමඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විශාල පිරිසක් ක්ෂණිකව එම විරෝධයට සහභාගි වී තිබෙනවා.
පොලිසිය යොදවා විරෝධය නතර කිරීමට උත්සාහ කළ ද, එය සම්පූර්ණයෙන්ම ව්‍යාර්ථවීමෙන් නාමල් රාජපක්ෂ ඇමතිවරයා විවෘත කිරීම නවතා දමා ආපසු හැරී ගොස් ඇති බව වාර්තා වනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

