ක්‍රීඩාදේශීයනවතම ලිපි

වනිඳුගෙන් සුපිරි පන්දු යැවීමක්

ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයේදී අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු හතරක් ලබාගනිමින් විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වුණා.

මෙවර ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී ඉතා ඉහළ ලංසුවක් ලැබූ හසරංග කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවන් හතරදෙනකු දවාගැනීමත් සමග ඔවුනට රැස්කර ගැනීමට හැකිවූයේ මුලු ලකුණු 128ක් පමණයි.

පිලිතුරු ඉණිමේදී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම කඩුලු හතක් දැවී ජයග්‍රාහී ඉලක්කය ලඟාකරගත්තේ පන්දු හතරක් ඉතිරිව තිබියදී. ඒ ඔවුන් මෙවර තරගාවලියේ ලැබූ පලමු ජයග්‍රහණයයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *