ජනතාව උගසට තබා බැසිල් සූදු කෙළිනවා – මෛත්‍රී ගුණරත්න
මේ රටේ ජනතාව බරපතල අර්බුධයකට ඇද වැටී ඇති මොහොතක ඔට්ටු ක්‍රීඩාවේ යෙදෙන බැසිල් රාජපක්ෂ මහතා ජනතාව සහ රට උගසට තබා කටයුතු කරන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහා ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා.ඔහු මේ බව පැවසුවේ අද දින මිගමුව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා,
‘අද රටේ ප්‍රශ්න උග්‍ර වීමට ඉඩ හැර මුදල් ඇමතිවරයාත් ආණ්ඩුවත් කොටස් වශයෙන් රට විකුණා දැමීමට කටයුතු කරමින් සිටිනවා.මුදල් ඇමතිවරයා මේ වෙනකොට තමන්ගේ ඉදිරි පාලන කාලය කෙසේ හෝ ගෙවා දැමීම සදහා රටේ සියළු සම්පත් විකුණා දමන තැනකට ගමන් කරමින් ඉන්නවා.
ජනාධිපතිවරයා අද වෙනකොට නාමික ජනාධිපතිවරයෙක් බවට පත්වෙලා අගමැතිවරයා මේ කිසිවක් නොදන්නා ගානට කටයුතු කරනවා ඔවුන් දෙදෙනාගේ මේ නිද්‍රාශීලි බව ඉතා කදිමට ප්‍රයෝජනයට ගනිමින් ඉන්නේ ජනවරමක් නැති ඇමරිකානු පුරවැසියෙක් වෙච්චි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා විසින් බව ඉතා පැහැදිලියි.බැසිල් රාජපක්ෂ මේ සියල්ල විකුණා දමා තමන්ගේ රටට යාවි ප්‍රශ්න විතරක් අපට ඉතුවෙවී.
ආණ්ඩුවේ ඉන්න සියලු පක්ෂ මේ ශාපයට සමානව වගකියන්නේ ඕනේ දැන් ඔවුන් එකිනෙකාට ඇගිල්ල දිගුකරමින් වගකීමෙන් නිදහස් වෙන්න හදනවා නමුත් ජනතාවගෙන් ඒ අයට කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ.
අපිට මතකයි ඉන්දියාව හිටපු ජනාධිපතිවරුත් මේ විදියටම නටවලා උතුරු නැගෙනහිර ප්රභාකරන්ට තෑගී දෙන්න උත්සහ කෙරුව නමුත් අපි පැහැදිලිව කියනවා දෙමල ජනතාවට තිබෙන සුවිශේෂී ප්‍රශ්න හදුනාගෙන ඒවාට විසදුම් දීමට අපේ විරෝධයක් නැහැ නමුත් දෙමල ජාතික සන්ධානයේ බෙදුම්වාදී උවමනා ඉෂ්ඨ කරන්න මේ රටේ ජනතාව සුදානම් නැහැ කියන එක.ඩයස්ෆෝරා එකට මේ වෙලාවේ රටට උදව් කරන්න අවශ්‍ය නම් ඒක කරන්න රට ෆෙඩරල් කරන්න අවශ්‍ය නැහැ.ඔවුන් කරන්නේ ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන රට ඇතුලේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම ඒකට හොදම අවස්තාව කියල ඒ අය කල්පනා කරනවා.
මේ දුරුවල ආණ්ඩුව දන ගස්සන එක අද දේශප්‍රේමය කරේ තියාගෙන ආපු ජනාධිපතිවරයා කරන සමහරක් ප්‍රකාශ සම්පුර්ණයෙන්ම ජනවරමට පටහැනියි.එකිත්වය ගැන කතාකරපු දේශප්‍රේමී ආණ්ඩුව හා ජනාධිපති අද එකසත් ශ්‍රීලංකාවක් ගැන කතාකරන තැනට පසු බැසීමෙන් පේනවා මේ අයගේ දෙබඩි ප්‍රතිපත්තිය.
මේ අර්බුදය විසදන්න මේ නායකයෝ අසමත් බව ඉතාම පැහැදිලියි ප්‍රධාන විපක්ෂයටත් මේ අර්බුදයට විසදුමක් නැහැ ඔවුන්ට අවශ්‍ය කරන්නේ පැහැදිලිව බලය ගැනීම පමණයි.මේ අවුරුදු 74ක් තිස්සේ ඔළුගෙඩි මාරු කරලා ප්‍රශ්නයට විසදුම් සොයපු දේශපාලනය දැන් නතර කරන්න ඕනේ මේ මේ දුෂිත ක්‍රමය ඇතුලේ මේ ප්‍රශ්නවලට විසදුමක් නැහැ නිලධාරි ඇමතිවරු එක්ක එකතුවෙලා හොරකම් කරනවා දේශපාලකයා හොරා වෙලා නිලදාරීන් නිදහස් වෙනවා නමුත් අපි දන්නවා මේ රට මෙතෙන්ට ගෙන්න මේ නිලධාරින් පිරිසත් ඒ අතරින් බහුතරයක් එන එන ආණ්ඩු එක්ක එකතුවෙලා රට කොල්ල කෑවා මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මේ නිලධාරීන්ගේ හොරාකෑමත් පැහැදිලිව නතර කල යුතුයි.
අද මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන්නේ හොරකම නිතියාණුකුලව සිදුවීම මුදල් ඇමතිවරයාට එල්ල වෙන චෝදනා සුළුපටු නැහැ මහා බැංකුවේ අධිපතිවරයා ඊට දෙවැනි නැහැ.මේ පුද්ගලයන් එක්ක කොහොමද රට හදන්නේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙච්චි එකම හොරකමකටවත් දඩුවමක් කෙරුවද ? අපි උදේ හවස දකින්නේ හොරු,මිනීමරුවෝ,මංකොල්ලකාරයෝ නිදොස්කොට නිදහස් වෙනවා විතරයි.එක රටක් එක නීතියක් තියෙනවද මේ රටේ අන්ත දුෂිතයන් ආරක්ෂා කරනවා පුංචි මිනිහෙක් වරදක් කෙරුවම මාධ්‍ය ඒක ලොකුවට දානවා සමහර මාධ්‍යත් මේ විනාශයට පැහැදිලිව වගකියන්න ඕනේ
අර්බුදය වසන්තයක් කරගෙන මුදල් ඇමතිවරයා නැපෝලියන් වගේ මුළු රටම තමන්ගේ හෙන්චයියන්ට කොල්ල කන්න දීලා.රටේ සම්පත් විදේශිකයන්ට විකුනනවා මේ කාලකන්ණි විනාශකාරී ගමන ආණ්ඩුව නතර කරන්නේ නැත්නම් ජනතාව එය නැවත්වීම සදහා පෙළගස්වන්න අපි සුදානම් අද ඉන්න විපක්ෂයට එහෙම වුවමනාවක් තියෙන බව අපිට පෙන්නේ නැහැ. මේ රස්තියාදුකාර පාලනයට විරුද්ධ සියලු බලවේග එකට එකතු කරන්න ඕනේ නමුත් විපක්ෂ නායකතුමාට එහෙම ඕනේ කමක් පෙන්න නැහැ.ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ තනිගමනක් යන්න එවැනි හුදෙකලා ගමන්වලින් අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න බැහැ කියන එක තේරුම් ගන්න එතුමා අසමත් වෙලා. යනුවෙන්ද එදිදී සදහන් කළේය
කිර්ති දුනුවිල
මාධ්‍ය හා ප්රචාරක ලේකම්