බැසිල් ඉවතට?
මෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට රටපුරා මතුව ඇති මහජන විරෝධය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කිරීමට බොහෝ පාර්ශවයන් රජයට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි.
ඊයේ (31) රජයට හිතවත් භික්ෂූන්වහන්සේලා පිරිසක් ද ජනාධිපතිවරයාට දැඩි ඉල්ලීමක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂව සිය ධූරයෙන් ඉවත් කරන ලෙස බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ මෙන්ම ඊයේ රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් යලිත් වතාවක් මුදල් ඇමතිවරයාව ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද සඳහන්.
– අද
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

