නැෂනල් සුපර් ලීග් තරගාවලියේ අවසන් දිනය (04) සඳුදාට කල්යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරගවල හතරවන දිනය හෙට (03) වෙනුවට අනිද්දා (04)දින පැවැත්වීමට තීරණය කර ඇති බව මීට සුළු මොහොතකට පෙර ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
හම්බන්තොට දී පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 92ක ඉලක්කයක් හඹායන යාපනය කණ්ඩායම තුන්වන දිනය වූ අද දිනය අවසානයේ කිසිවෙක් නොදැවි ලකුණු 25ක් ලබා සිටියා.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අනෙක් අවසන් පූර්ව තරගයේ නුවර කණ්ඩායම ලබාගත් ලකුණු 458ට පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 147ක් ලබාගෙන සිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

