දේශීය

මිරිහානේ විරෝධතා කරුවන්ගෙන් CIDයට ප්‍රකාශ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මිරිහානේ විරෝධතාව සම්බන්ධයෙන් පුද්ගලයින් 150කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ 21 දෙනෙකු පුද්ගලික ශරීර ඇපමත මුදා හැර තිබේ.

එම සිද්ධිය සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු අප්‍රේල් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.

පසුගිය (31) දා නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ජනාධිපතිතුමාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් දැඩි විරෝධතාවක් පැවැත් වීම හේතුවෙන් මෙම පිරිස් අත්තඩංගුවට ගෙන තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *