දේශීය

කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලිය නිෂ්පාදනය යළි ඇරඹේ

කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලිය නිෂ්පාදනය යළි ආරම්භ කර ඇත.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පසුගියදා වසා දැමුණු එම බලාගාරය ඩීසල් තොග ලැබීමත් සමග විදුලිය නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කළ බව, ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී රොහාන්ත අබේසේකර මහතා පැවසුවේය.

ලංකා ඉන්දිය ඔයිල් සමාගම සමග ඇති කරගත් එකඟතාව අනුව, විදුලිය නිෂ්පාදනයට සපයා ගන්නා ඩීසල් මෙට්‍ර්ක් ටොන් 6,000ක තොගයෙන් මෙට්‍රික් ටොන් 1,500ක් පමණ මේ වනවිට කෙරවලපිටිය බලාගාරයට ලැබී ඇති බව වාර්තා වේ.

මීට අමතරව දැනට විදුලිය නිෂ්පාදනය අත්හිටුවා ඇති සොජිට්ස් බලාගාරයේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ඩීසල් තොග දුම්රියෙන් අද(02) දිනය තුළ ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඩීසල් තොග ලද විගස එම බලාගාරයේ කටයුතු යළි ආරම්භ කරන බවත් වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අද දිනයේ ද දිවයින පුරා පැය 8යි මිනිත්තු 30ක් විදුලිය කප්පාදුවකට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *