රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ රොෂාන් රණසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ලබා දෙමින් මෙලෙස අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර එළැඹෙන 01 වැනිදා සිට සිය අමාත්‍ය ධූරයේ කටයුතුවලින් ඉවත් වන බවයි වාර්තා වෙන්නේ.
පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ද ඉවත් වන බවත් රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

