ස්ථාන රැසක ආරක්ෂාව තර කිරීමට පියවර – සරත් වීරසේකර
ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව ස්ථාන රැසක ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා පැවසුවා ඇත.
ව්‍යවස්ථානුකුලව මහජනතාවට සාමකාමිව සිය විරෝධය ඵල කිරීමට ඇති අයිතියට ගරු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රජයේ දේපොළ සහ පොදු දේපොළවලට හානිවන ආකාරයට ක්‍රියා කරන්නේ නම්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

