Latestදේශීය

වැඩ කරන අපේ විරුවා ගීතය ගැන සමාව අයදිනවා – පසන් ලියනගේ

2019 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ වැඩසටහන් වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” තේමා ගීතය නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂක පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

මෙම ගීතය ප්‍රචාරය කරමින් ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ ප්‍රවර්ධන කටයුතු කිරීමට සහායවීම සම්බන්ධ ඔහු සිය පශ්චාත්තාපය සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇත.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ
තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදෙන බවත්, ගීතයක් නිසා අපහසුතාවයට පත් වුනා නම් සමාවන ලෙසත්ය. බලයේ ඉන්න පමණක් ජනතාවගේ ඡන්දය ඉල්ලා සිටින කිසිදු පක්ෂයකට සහාය නොදිය යුතු බවත් ඔහුගේ සටහනේ දක්වා තිබිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *