Latestදේශීය

හදිසි නීතිය නොතකා රට පුරා උද්ඝෝෂණ

උද්ගතව ඇති විරෝධතාවයන් හේතුවෙන් ඇදිරි නීතිය සහ හදිසි නීතිය බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින්  රටපුරා විවිධ ස්ථානයන් හී ජනතාව විශාල වශයෙන් රැස්වී උද්ඝෝෂණ සහ විරෝධතා පවත්වනු ලැබුවා.

කිසිදු දේශපාලන පක්ෂයක නායකත්වයකින් තොරව ජනතාව ස්ව්‍යංව ඉදිරිපත් වී මෙම විරෝධතා සංවිධානය කර තිබීම විශේෂත්වයක්.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයද මහරගම නගර මධ්‍යයේ  විරෝධතාවයක නිරථ වුනා.  

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ විපක්ෂ පක්ෂ කන්ඩායම් කිහිපයක් එක්ව නිදහස් චතුරශ්‍රයේ තම විරෝධතාවය ආන්ඩුවට එල්ල කළ අතර පොලිස් මාර්ග බාධක දමා නිදහස් චතුරශ්‍රයට ඇතුළුවීම වලකාලනු ලැබුවා.

තවද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විවිධ රටවල සිට වත්මන් රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව තම විරෝධය පල කරමින් උද්ඝෝෂණයන් හී නිරථ වුනා.

එමෙන්ම රට පුරා විශ්ව විද්‍යාලයන් හී සිසු සිසුවියන් ද දහස් ගණනින් පාරට බැස විරෝධතා දියත් කරනු දක්නට ලැබුනා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *