දේශීය

අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්න – මහජන ආරක්ෂක අමාත්‍යාංශය

රට තුළ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන ලෙස, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ වන විට සංවිධානය කෙරෙන විරෝධතා සාමකාමීව ක්‍රියාත්මක කරන ලෙස අදාළ සෑම පාර්ශ්වයකින්ම ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් මහතා සඳහන් කළේය.

මේ අතර, අද(09) කෙළඹ හා ඒ ආසන්න ප්‍රදේශවල රථ වාහන රාජකාරි සඳහා අවශ්‍යතාව මත යෙදවීමට අතිරේක පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් දන්වා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *