සති අන්තයේ විදුලි කප්පාදුව සීමා කෙරේ
අද (09) දිනයේ විදුලි කප්පාදුව පැය දෙකකට සීමාකර තිබේ.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා අද පස්වරු 03.00ත් රාත්‍රී 09.00ත් අතර කාලය තුළ පැය 02ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර ඇති බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ.
එමෙන්ම අද දිනයේ P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 03.00ත් රාත්‍රී 10.00ත් අතර පැය 02ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
මේ අතර, හෙට (10) දිනයේ A, B, C, D, E, F, G, H, I, J, K, L සහ P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 06.00ත් රාත්‍රි 10.00ත් අතර කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුවන බවයි එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

