දේශීය

ඉන්ධන පෝලීමක සිටි තවත් අයෙක් මරුට

ඉන්ධන පිරිවුම්හලක පෝලිමේ රැඳී සිටි දංකොටුව නගරයේ පුද්ගලයෙකු ඇද වැටී මියගොස් තිබේ.

ඊයේ(09) රාත්‍රී 7.00ට පමණ අදාළ පුද්ගලයා ඩීසල් ලබා ගැනීමට පෝලිමේ රැඳී සිටි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණපා ඇති බව පොලීසිය සඳහන් කළේය.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 47ක පන්නල, ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ මෘත ශරීරය මාරවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(10) යොමු කර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *