මුදල් ඇමතිකම ගන්න කියලා ජනාධිපති කිවුවා – බන්දුල ගුණවර්ධන
තමනට මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට ආරාධනා කළ ද තමන් එය ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ජනාධිපතිවරයා විසින් එම ආරාධනය කල බවත් රටේ පවතින වාතාවරණය මත එම ධුරය බාර නොගෙන සිටීමට තීරණය කල බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
මෙරට ඇතැම් නිලධාරීන් සමග කටයුතු කිරීම ඉතා අසීරු බවත් එවන් වටපිටාවක වගකීම් ගත්තත් එය වගකීම් ඉටුකිරීම අතිශය අමාරු බවත් පවසන ගුණවර්ධන මහතා ආර්ථිකය කඩා වැටී මේ සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට තේරුම් කර දුන්නද ඒ කිසි කෙනෙක් මෙම සත්‍ය තත්ත්වය තේරුම් නොගන්නා බව අවධාරණය කරනවා. මාධ්‍ය වෙත අදහස් අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

