වත්මන් ආන්ඩුවත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ – මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බන්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (11) දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපිටදී.
හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ අතර නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශාන්ත බන්ඩාර මහතා දිවුරුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආන්ඩුවෙන් ඉවත්වී සිටින වටපිටාවකයි.
ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත සහ අගමැතිවරයාගේ ඊයේ දින ජාතිය අමතා කළ කතාව නිසා මෙම තීරණය ගත් බව ශාන්ත බන්ඩාර මහතා අද දින සිය ධූරයේ වැඩ බාරගනිමින් ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ශාන්ත බන්ඩාර මහතා දැරූ සියලු තනතුරු වලින් ඔහු ඉවත් කළ බවයි.
රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් නැති කැබිනට් මන්ඩලයක් පත් කරන්න තමන් කටයුතු කරන බවද මෙහිදී ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර ශාන්ත බන්ඩාර මහතාගේ දේශපාලන ජීවිතය ඔහු විසින්ම සියදිවි නසාගත් බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ආන්ඩුවත් සමග කිසිම ගනුදෙනුවක් කරන්න තමන් ක්‍රියා නොකරන බව සිරිසේන මහතා වැඩිදුරටත් පවසනවා. ආන්ඩුවට ලියුම් ලියා අවසන් බවත්, සාකච්ඡා වලට යාමත් අවසන් බවත් පවසන සිරිසේන මහතා ආන්ඩුවට එරෙහිව අරගල කරන ජනතාව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාකරන බවද පවසනවා.