අරගලයට මුතුකුඩ ඉහලමින් රාජපක්ෂවරුන්ට එරෙහිව රෝහණ වීරසිංහ ගෝල්ෆේස් පිටියට
පසුගිය කාලය පුරා දැඩි රාජපක්ෂවාදියකු වූ සංගීතඥ රෝහණ වීරසිංහ මහතා ගෝල්ෆේස් පිටිය වෙත පැමිණ තම සහයෝගය රාජපක්ෂවරු බලයෙන් පහකිරීම වෙනුවෙන් ක්රියාත්මක උද්ඝෝෂණය වෙත පල කළා.
තම පූර්ණ සහයෝගය මෙම උද්ඝෝෂණයට ලබා දෙන බව පැවසූ වීරසිංහ මහතා තමන්ගේ පුතුන් දෙදෙනා ද මෙම ගමන සදහා තමන්ව දිරිමත් කළ බව ද පැවසුවා.
රාජපක්ෂවරු ගෙනයන පවුල් පාලනය වෙනස් කිරීමට තමන් කළ යෝජනා රාජපක්ෂවරුන්ට අදාල වුනේ නැති බව පැවසූ රෝහණ වීරසිංහ මහතා රාජපක්ෂවරුන්ට එරෙහි අරගලයේ ජයග්රහණය සදහා සියලුදෙනාටම සුබපැතුම් එක්කළා.
තවද ඊයේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වීරසිංහ මහතා තම අදහස් මෙලෙස ඉදිරිපත් කර තිබුනා.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

