ඖෂධ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා කෙරේ
නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම පමණක් මේ වන විට සිදු කිරීමට තිරණය කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව පිළිකා සහ හදිසි අනතුරු ආශ්රිත ශල්‍ය කර්ම පමණක් සිදු කරන බවයි.
මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් අද(20) පෙරවරුවේ පැවැත්වෙන බව ද එම මහතා ප්‍රකාශ කළේ ය.
එම සාකච්ඡාව සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් සහභාගි විමට නියමිතවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

