බස් ගාස්තු සංශෝදනය අද සිට ක්‍රියාත්මකයි
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු 35% කින් ඉහළ දැමීම ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විය.
ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහළ ගියේ ය.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ නව බස් ගාස්තු සංශෝධනයත් සමග අද (20) සිට යළිත් බස් රථ ධාවනය කරන බවයි.
අපේක්ෂා නොකළ මෙහොතක ඩීසල් මිල ඉහළ දැමීම හමුවේ ඊයේ දිනයේ බස් ධාවනයෙන් ඉවත් වීමට සේවකයින් කටයුතු කළ බව ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වාඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ අතර පාසල් ළමුන් ප්‍රවාහන කටයුතුවලින් අද දිනයේ ඉවත් වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන කරන්නන්ගේ සංගමය සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

