දේශීය

තවත් මන්ත්‍රීවරු තිදෙනෙකුගේ සහය ආණ්ඩුවට අහිමි වෙයි

වත්මන් ආණ්ඩුවට සහය ලබා දුන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

අද (20) පාර්ලිමේන්තුවට මේ පිළිබඳ සඳහන් කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන් සහ M. S. තවුෆීක් යන මන්ත්‍රීවරුන් රජයට සහායදීමෙන් ඉවත් වන බවයි.

කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරුන් තිදෙනා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේදී විපක්ෂයෙන් ඉවත් වී වත්මන් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට කටයුතු කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *