තවත් 13ක් ආන්ඩුවෙන් ඉවතට
පවතින අර්බුදකාරී තත්වය මත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
මෙම පිරිස ජනාධිපතිවරයාට තම තීරණය ලිඛිතව ද ලබාදී ඇති අතර පවතින ගැටලුකාරි තත්ත්වයට විසඳුමක් ලෙස අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සෙකු පත් කිරීම මේ මොහොතේ අවශ්‍යම කාර්යයක් බව පෙන්වා දී ඇත.
නව අමාත්‍ය මණ්ඩලයට ද විරෝධය පළ කර ඇති මෙම පිරිස පෙන්වා දී ඇත්තේ අමාත්‍ය ධුර ලබාදීමට නිසි පරිදි සිදු නොවූ බවයි.
මෙම මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම මන්ත්‍රීවරුන් දහතුන් දෙනා ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගතහොත් ආණ්ඩුවේ බහුතර බලය නිශ්චිතවම අහිමි යාමට නියමිතය.
මීට පෙර ආණ්ඩුවෙන් හතළිස් එක් දෙනෙක් ඉවත්වූ අතර ඊයේ දිනයේ තවත් තුන් දෙනෙකු ඉවත් වූහ.
මෙම 13 දෙනොගේ පිරිස ඉවත් වූවොත් ආණ්ඩුවෙන් ඉවත් වන මුළු පිරිස පනස් හත් දෙනකු දක්වා ඉහළ යයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

