දේශීය

ගුරු – විදුහල්පතිවරු දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක

ගුරු හා විදුහල්පති සංගම් එක්ව හෙට (25) දිනයේදී දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙන්ම රජය ගෙන යන ජනතා විරෝධි වැඩපිළි‌වෙළට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කර ඇත්තේ.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය වෙනුවෙන් මෙම එක්දින සංකේත වැඩ වර්ජනය සඳහා ගුරු විදුහල්පති සංගම් 30 ක් පමණ සහභාගිවන බවයි.

කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට බාධාවක් නොවන ලෙස වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වන ලෙස අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගුරු ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *