කීර්තිරත්න අත්අඩංගුවට
කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (27) ලබාදුන් නියෝගයට අනුව රඹුක්කන විරෝධතාවය අතරතුර වෙඩි තැබීමට අදාල සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සහ තවත් පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අද(28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න නාරාහේන්පිට පොලිස් රෝහලේදී අත්අඩංගුටව ගෙන ඇති අතර පොලිස් කොස්තාපල්වරු තිදෙනා මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

