ගෑස් සපයන්නේ 50%යි, විකල්ප කරා යන්න – ලිත්‍රෝ සභාපති
ලිත්‍රො ගෑස් සමාගම ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට තීරණය කර තිබේ.
එහි සභාපති විජිත හේරත් මහතා පවසන්නේ රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් ගෑස් සැපයුම නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සිදු කරන බවයි.
ඒ අනුව මෙතෙක් දෛනික සිලින්ඩර 60,000-80,000 ත් අතර සිදු කල ගෑස් සැපයුම පැවැති ගෑස් සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කරයි.
මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට ඩොලර් මිලියන 30ක් අවශ්‍ය බවත් පවතින තත්වය මත එවන් වියදමක් කළ නොහැකි බවත් හෙතෙම පැවසීය.
දර ඇතුළු සෙසු වර්ග පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත ඒවා වෙත යොමු වීම රට වෙනුවෙන් කළයුතු දෙයක් බවත් ජනතාව මෙම තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

