මහින්දගේ තීරණය සදුදා
තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරය සිටින්නේ ද එසේ නොමැති නම් ධුරයෙන් ඉල්ලා අස්වෙන ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුදානම්වෙයි.
ඒ අනුව ඔහුගේ එම තීරණයට එළඹෙන සදුදා දින ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ පක්ෂ වල එකතුවෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටු වීමට කැමැත්ත පළ කිරීමයි.
එමෙන්ම එම ආණ්ඩුවේ දී නව අමාත්‍යවරයෙක් පත් කිරීමට ද කටයුතු කරනු ඇත.
එම තත්ත්වය මත අග්‍රාමාත්‍යවරයාට තම ධූරයේ කටයුතු කිරීම තවදුරටත් අභියෝගයක් වී තිබේ.
කෙසේ වෙතත් අගමැතිවරයා දැනට දින දෙකකට පෙර කියා සිටියේ තමන් ධුරයෙන් ඉවත් වන්නේ නැති බවත් ජනාධිපතිවරයා තමන් ධුරයෙන් ඉවත් කරන්නේද නැති බව විශ්වාස බවත්ය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

