Latestදේශීය

අන්තර් කාලීන ආන්ඩුව විහිළුවක් – ටිල්වින් සිල්වා

අන්තර් කාලීන හෝ කුමන හෝ ආණ්ඩුවක් ගැන සිතීමට පළමු කොන්දේසිය වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තබාගෙන හදන අන්තර් කාලීන ආණ්ඩු තේරුමක් නැති විහිළුවක් පමණක් බවත් ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

රටේ සමස්ත ජනතාව සති ගාණක සිට පාරට බැස ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂට සහ අගමැතිවරයාට මෙන්ම වර්තමාන ආණ්ඩුවට ඉවත්වන ලෙස කරන අරගලයට ඇහුම්කන් නොදී මෙවැනි ආණ්ඩුවක් පත්කිරීම තේරුමක් නොමැති බව කී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා පොහොට්ටුවේ කණ්ඩායමේ පිරිස අතර සමඟියක් හදාගැනීමට නොහැකිව තිබියදී සර්ව පාක්‍ෂික අන්තර් පාලන ගැන කථා කිරීම හාස්‍යය දවන බවද සඳහන් කළේය.

ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *