දේශීය

ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළට

ඖෂධ වර්ග 60ක මිල ගණන් 40%කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

ඒ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

මේ අනුව යම් උපලේඛනගත ඖෂධයක් විකුණනු ලබන නිෂ්පාදකයෙකුට හෝ ආනයනකරුවෙකුට ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට හැකියාව තිබේ.

ඒ යටතේ –

  • පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4 යි ශත 16 ක් වන අතර,
  • ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 83 යි ශත 71 ක් වේ.

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *