හදිසි මැතිවරණයක්?
පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා රජයේ අවධානය යොමුවී තිබේ.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ පසු ඒ සඳහා ඇති හැකියාව ගැන සෙයා බැලිමට අවධානය යොමුව ඇත.
වත්මන් පාර්ලිමේන්තුව විසිරවීම සඳහා ඇති එකම ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුව තුළින්ම යෝජනාවක් සම්මත කර ගැනීමයි.
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට අවසර ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ කාලසීමාව වසර තුනක් වූ පසුයි.
එනිසා පාර්ලිමේන්තුවට විසුරුවා හැරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් පසු හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට යයි.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාද පක්‍ෂ 11 සමග වූ හමුවේදී සදහන් කර තිබුනේ පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් සදහා සොයා බලමින් සිටින බවය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

