කොන්දේසි 04ක් යටතේ අගමැතිධූරය බාර ගැනීමට සූදානම් – සජිත් ප්‍රේමදාස
කොන්දේසි 04ක් යටතේ අගමැතිධූරය බාර ගැනීමට සමගි ජන බල සන්ධානය ප්‍රමුඛ රජයක් පිහිටුවීමට තමන් කැමති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව පහත එකගතාවයන්ට යටත්ව තමන් කෙටි කාලීන ආන්ඩුවක් පිහිටුවීමට එකග බව එම ලිපියේ වැඩිදුරටත් දන්වා ඇත. එම කොන්දේසි නම්,
නිෂ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපතිධූරයෙන් ඉවත් වීමට එකග වීම.
සති දෙකක කාලයක් තුල සියලුම පක්ෂ සහයෝගයෙන් 19වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම.
21 ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ඉතාම කෙටි කාලයක් තුළ සියලු පක්ෂ එකගතාවයෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම.
ජන ජීවිතය යථා තත්වයට පත්කර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම තුළින් ජනතාව කැමති රජයක් පිහිටුවීමට අවස්ථාව සැලසීම.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

