හොරාකාපු හැම රුපියලක්ම දීලා පුටුවත් අරන් ගෝඨාභය යන්න – අ.වි.ශි.බ.මණ්ඩලය
උද්ගතවී ඇති වත්මන් අර්බුධයට විසදුමක් ලෙස, ජන මතයට හිසනමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම, විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම, ජනතාවට බලය පැවරෙන නව ආන්ඩුක්රම ව්‍යවස්ථාවක් ගෙන ඒම ඇතුළු කරුණු 13කින් සමන්විත යෝජනාවලියක් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා සදහන් කළේ මහජන කොමිසමක් පිහිටුවා හොරා කාපු හැම රුපියලක්ම නැවත අයකර ගැනීමට කටයුතු කළ යුතු බවයි.
තවද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වනවාත් සමගම විධායක ජනාධිපතිධූරය ද ඉවත් කළ යුතු බව ඔහු අවධාරණය කළා.
එවන් පුළුල් මෙන්ම අවංක වැඩපිලිවලකින් තොරව නැවත වටයකින් ව්‍යාජ විසදුම් හරහා රටත් ජනතාවත් රැවටීමට කටයුතු කළ හොත් නිසැක වශයෙන්ම අරගලය තවත් තීව්ර කරන බවත් ගෝටා ගෝ ගම වෙනුවට තවත් ගම්මාන ඉදිවීම නවතාලිය නොහැකි බවත් වැඩිදුරටත් පැවසුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

