Latestදේශීය

සනත්, මිලාන් අත්අඩංගුවට

පසුගිය 09 වනදා මයිනා ගෝ ගම සහ ගෝටා ගෝ ගම සාමකාමී උද්ඝෝෂණයට පහර දී කලහකාරී ලෙස හැසිරීමට අදාල චෝදනා සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාල විමර්ශන හමුවේ නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබුනේ මෙම මන්ත්‍රීවරු දෙදෙනා ඇතුළු 22ක් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ගෝල්ෆේස් හී විරෝධතාවයේ නිරථ නිරායුධ උද්ඝෝෂකයින්ට පහර දී ඔවුන්ගේ දේපල ගිනිබත් කිරීමෙන් අනතුරුව රටපුරා දැඩි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වූ අතර උද්ඝෝෂකයින්ට පහර දීමට එරෙහිව රට පුරා මහා ජනතා නැගිටීමක් ද සිදුවුනා.

අනතුරුව අගමැතිවරයා ඉල්ලා අස්වූ අතර මෙම සිදුවීමෙන් අනතුරුව සිදුවූ දේපල හානි සහ ජීවිත හානි වලක්වාගැනීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය කළේ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති(09) අරලියගහමැදුරේ සිදුකල ප්‍රචන්ඩ ප්‍රකාශ සහ සංවිධාන ක්‍රියාවලිය තුළින් බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *