සනත් සහ මිලාන් 25 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පසුගිය 9 වනදා ගෝල්ෆේස් හී පැවති සාමකාමී උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක් එල්ල කළ සිදුවීමට අදාල ප්‍රධාන සැකකරුවන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු තවත් 4 දෙනෙක් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළා.
![](https://i0.wp.com/cmn.lk/wp-content/uploads/2022/03/රෝහිත-අබේගුණවර්ධන-1.jpg?resize=800%2C450)
තවද අරගලයට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තා.
![](https://i0.wp.com/cmn.lk/wp-content/uploads/2022/03/සංජීව-එදිරිමාන්න-02.jpg?resize=800%2C450)
තවත් මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා.
ගෝටා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 8 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මොරටුව මහනගර සභාවේ නගාරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු , කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න, කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමීර චතුරංග , සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රෝහණ , බන්දුල ජයමාන්න, දිනෙත් ගීතික යන මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අය අතර වනවා.