Latestදේශීය

සනත් සහ මිලාන් 25 දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

පසුගිය 9 වනදා ගෝල්ෆේස් හී පැවති සාමකාමී උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක් එල්ල කළ සිදුවීමට අදාල ප්‍රධාන සැකකරුවන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු තවත් 4 දෙනෙක් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළා.

තවද අරගලයට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තා.

තවත් මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා.

ගෝටා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 8 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොරටුව මහනගර සභාවේ නගාරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු , කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න, කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමීර චතුරංග , සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රෝහණ , බන්දුල ජයමාන්න, දිනෙත් ගීතික යන මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අය අතර වනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *