සුදු ඇදගෙන ඡන්දය ඉල්ලාගෙන ආවොත් බේරේ වැවට දානවා
සුදු ඇදුම් ඇදගෙන නැවත ඡන්දය ඉල්ලාගෙන නොඑන ලෙස ජනතාව දේශපාලනඥයින්ට අනතුරු අගවනවා. බේරේ වැවේ අත්දැකීම විදගන්න අවශ්‍යනම් නැවත ලැජ්ජානැතුව ඡන්දය ඉල්ලාගෙන එන්නයි ජනතාව වැඩිදුරටත් පවසනවා.
තෙල් සදහා පෝලිමේ සිටින ජනතාවගේ දැඩි විරෝධය දේශපාලනඥයින් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ අවස්ථාවේදී වයස අවුරුදු 22ක තරුණියක් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ වැනි චරිත තවදුරටත් මේ රට ගොඩ ගැනීම සදහා වලංගු නොවන බවයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී ගෑස් සිලින්ඩර 80ක් හමුවූ බව පැවසූ ඇය වැඩිදුරටත් විමසුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ගෑස් ඒජන්සියක් පවත්වාගෙන යනවාද? යන්නයි.
පැය 6ක් පෝලිමේ සිටියත් තවමත් තෙල් ලබාගෑනීම කෙසේ වෙතත් වාහන සදහා තෙල් ලබාදීම ආරම්භ කර හෝ නැති බව පවසන උද්ඝෝෂකයින් වැඩිදුරටත් විමසා සිටියේ මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට රුපියල් 121ට තෙල් ලබා දෙන්නේ කුමන පදනමකින් ද යන වගයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

